මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් කොංග්‍රසයේ 19 සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 20, 2016

    මුස්ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර, පලමුණෙයි ක්‍රීඩා සංකීර්ණයේ දී  ඊයේ (19) පැවැත්විණි.

    මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීම ද වැදි ජනතාව විසින් සූදානම් කළ මි පැණි මුල් කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැනීවීම ද මෙහිදී සිදුවිය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍යවරුන් වන සරත් ෆෝන්සේකා, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් ද, තානාපතිවරුන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya