මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් ලෝක කුසලානයට 20 සපිරීම සැමරේ

    මාර්තු 20, 2016

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක කුසලානය දිනා වසර 20 ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කර තිබූ විශේෂ ප‍්‍රදර්ශන ක‍්‍රිකට් තරගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (19) පස්වරුවේ එක්විය.

    කොළඹ සී.සී.සී. ක‍්‍රීඩාංගනයේ පැවති එම උත්සවයට සම්ප‍්‍රාප්ත වන අවස්ථාවේ පැරණි සහ නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් රැසක් හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

    1996 වසරේ ක‍්‍රිකට් ලෝක කුසලාන තරගයට එක්ව සිටි අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් සහ හිටපු ප‍්‍රවීන ක‍්‍රීඩක රෝයි ඩයස් මහතාගේ නායකත්වයෙන් යුත් ක‍්‍රිඩකයින් කණ්ඩායමක් සමඟ පැවැත්වූ සුහද ක‍්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපතිතුමා එක්වූ අතර ඔවුනට ත්‍යාග ද පිරිනැමීය.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භයේ සිට ක‍්‍රීඩා කළ ප‍්‍රවීන ක‍්‍රීඩකයින් දිරිගැන්වීම උදෙසා ඔවුනට ජනාධිපතිතුමා අතින් ත්‍යාග පිරිනැමිණි.

    ඊයේ දින පැවති තරගයෙන් ලැබුණු මුළු ආදායම උතුරු නැගෙනහිර පළාත් වල වෙසෙන වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පරිත්‍යාග කිරීමේ චෙක්පත හිටපු ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාම මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ක‍්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya