මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිසේත් විදේශ විනිසුරුවන් ගෙන්වීමක් නැහැ- ජනපති

    මාර්තු 20, 2016

    රජය අධිකරණයේ ස්වාධීනත්වය සහ නිදහස තහවුරු කරමින් කටයුතු කරන විට අධිකරණය අභ්‍යන්තරයේ ද එම ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය ආරක්ෂා විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    දේශපාලන බලය භාවිතා කිරීම අධිකරණයට නුසුදුසු වන අතරම එය සැහැසි කි‍්‍රයාවක් බව ද පැවසූ ජනාධිපතිතුමා අධිකරණය අභ්‍යන්තරයේ සෑම කෙනෙකුටම නිදහස තිබිය යුතු අතර කිසිවිටෙකත් බලපෑම් සිදු නොවිය යුතු බව ද කියා සිටියේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය මෙහෙයවන ජාතික නීති සමුළුවේ සමාරම්භක අවස්ථාවට වාද්දුවේදී එක් වෙමිනි.

    මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන විමර්ශනවලින් අනතුරුව යම් අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සිදු වුවහොත් ඒ සඳහා කිසිසේත් විදේශ විනිසුරුවරුන් ගෙන්වීමට කටයුතු නොකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    අපේ රටේ අධිකරණයත්, විනිසුරුවරුනුත් කෙරෙහි තමා විශ්වාස තබා ඇති බව පැවසූ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය ආරක්ෂා කරමින් අධිකරණය ශක්තිමත් කිරීමට රජය සෑම විටම කටයුතු කරන බව කියා සිටියේ ය.

    විනිසුරුවරුන් දැඩි විවේචනයට ලක් කරමින් ඔවුන්ගේ නිවෙස්වලට ගල් ගැසූ මෙන්ම හිටපු අගවිනිසුරුවරියක පැය 48 ක පරික්ෂණයකින් පසුව ගෙදර යැවු අතීත සිදුවීම් දන්නා පිරිසක් ලෙස මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පොදු ජනතාවට දුන් පොරොන්දු අනුව මේ රටේ අධිකරණ සහ නීති ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ නිදහස සුරක්ෂිත කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    එසේ කටයුතු කරන විට පසුගිය දිනවල රජයේ නොවන පිරිසක් විනිසුරුවරුන්ගේ නිවාස ඉදිරිපිට පෝස්ටර් ගසා තිබූ බවත්. ඒ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට තමා පොලීසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නීතිය ප‍්‍රමාදවීම පිළිබඳ අද සමාජය තුළ නොයෙකුත් සංවාද ඇතිවී තිබෙන බවත්, නීතිය ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මක කරමින් නීතියේ පිහිට පතන මහජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බවත් ජනාධිපතිතුමා පැවසීය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු, නීතිඥ සංගමයේ සභාපති ඇතුළු අධිකරණ සහ නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya