මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්සන් කළ ගිවිසුම්වල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි

    මාර්තු 19, 2016

    ජනාධිපතිතුමාගේ විදේශිය සංචාරයන්වලදී මෙන්ම විදේශ රාජ්‍ය නායකයින් මෙරටට පැමිණි අවස්ථාවන්වලදි ඇතිකරගත් ගිවිසුවල ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    එම ගිවිසුම් කි‍්‍රයාත්මක කිරීමට මේ වන විට ගෙන ඇති පියවරයන් සහ ඒවායේ ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ඉදිරියේදී තමන් විදේශිය තානාපතිවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදි අදාළ රටවල් සමඟග ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන් එම රටවල් ගෙන ඇති පියවරයන් සොයාබලන බවත් ජනාධිපතිතුමා පැවසීය.

    එමෙන්ම පසුගිය පාලන කාලය තුළ දේශිය හා විදේශිය වශයෙන් ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව සොයා බලා රටට ඵලදායී සේවයක් ලබාගත හැකි ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිතුමා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරිහු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya