මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝග නිවාරණ වාර්තාව ජනපතිට

    මාර්තු 16, 2016

    පරිසර සමාජයීය සහ සෞඛ්‍ය අංශ 03 යටතේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සමග සාකච්ඡා කර සකස් කරන ලද වකුගඩු රෝග නිවාරණය පිළිබඳ සංෂිප්ත වාර්තාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙයි.

    වකුගඩු රෝග නිවාරණය පිළිබඳ චීන විද්‍යා ඇකඩමිය හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විශේෂ වැඩමුළුවක් අද (15) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර එහි සමාප්ති අවස්ථාවේදී නගර සැළසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

    චීන රජයටත්, ජනතාවටත් ස්තූතිය පළ කරමින් චීන අධ්‍යයනය පිළිබද ජාත්‍යන්තර සහයෝගිතා බියුරෝවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Huansheng Qiu මහතා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ කටයුතු වෙනුවෙන් දක්වන සහයෝගය උදෙසා චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්යවරුන් පස් දෙනෙකු වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    නගර සැළසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ශ්‍රි ලංකාවේ චීන තානාපති Xian Ling Yi, චීන විද්‍යා ඇකඩමියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Min yang යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya