මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික තාක්ෂණ ආයතනයේ 60 සංවත්සරය සැමරේ

    මාර්තු 17, 2016

    කාර්මික තාක්ෂණ ආයතනයේ 60 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

    60 වන සංවත්සර සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ මුල්දින කවරයක් හා සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු විය.

    ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කරමින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ අයට මෙන්ම, හොඳම නව නිර්මාණය සහ හොඳම තාක්ෂණ පැවරුම වෙනුවෙන් ත්‍යාග ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජේලක්ෂ්මි, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති නිරෝෂන පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජී.ඒ.එස්. පේ‍්‍රමකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya