මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති “පුනරුදය” පරිසර සංරක්ෂණ සමුළුව අමතයි

    මාර්තු 17, 2016
    මැෂින් වලින් කපන්නේ මහ පොළව නොව මිනිසුන්ගේ අනාගත ජීවත්වීම පිළිබද අයිතියයි. මේ තත්ත්වය රජයකට දැක අහකබලාගෙන සිටිය හැකි දෙයක් නොවේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
    ඒ මහතා එසේ පැවසුවේ නීලහරිත යුගයක් උදෙසා “පුනරුදය” පරිසර සංරක්ෂණ සමුළුවේ රත්නපුරයෙන් ඇරඹුනු ප්‍රථම දිස්ත්‍රික් පරිසර සංරක්ෂණ සමුළුව අමතමිනි. මෙ‍ම සමුළුව අද (17) පෙරවරුවේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදි පැවැත්විණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.
     
    මැණික් කර්මාන්තයේ අභිවර්ධනයට නව තාක්ෂණය ඇතුලු පහසුකම් ද ලබා දෙන බවද පවත්නා නීතීරීතී ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා සංශෝධනය කොට ක්‍රියා කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
     
    පරිසරය සුරැකීම මිනිසා සතු පුළුල් වගකීමක් මෙන්ම අයිතියකි. ලොව පැරණිතම පරිසරවේදියා  බුදුන් වහන්සේ ය. හින්දු, ඉස්ලාම් ඇතුලු අන් ආගමික නිර්මාතෘවරයන් ද පුළුල් ලෙස සිය දර්ශනයන් තුළ පරිසරය හා එය සුරැකීම පිළිබද දේශනා කොට තිබේ.
     
    ලොව බලවත් රටවල් අන්තර් ජාතික ගිවිසුම් හා ප්‍රකාශනයන් එළිදැක්වුවත් ඔවුන් ඒවාට අත්සන් කිරිමෙන් මගහැර සිටින අතර අප වැනි පුංචි රටවල් බහුතරයක් එක්ව ඒවාට අත්සන් කර පරිසරය සුරක්ෂිත කිරිමට තිරවශයෙන්ම කටයුතු සිදුකෙරෙන බවද පැවසීය.
     
    එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් 192 ක රාජ්‍ය නායකයන් තෙමසක් තුළ දෙවතාවක් එක් වී සාකච්ඡා කිරිමට හේතුවද අපගේ අවධානයට බදුන් කර ගත යුතුය.
     
    සුන්දර රත්නපුර අසුන්දර දසුන් ඇතිවීමට ඉඩ නොතබා රැක ගැනීම සියලු දෙනාගේම යුතුකම හා වගකිම බවද තව වසර 100 කින් ඔබේ දෙවන පරම්පරාවට රත්නපුර සකස් කොට තිබේ ද යන්න සිතා බැලිය යුතු බවත් පැවසීය.
     
    රෝගි මිනිසුන් ඇතිවීම, අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්, විනාශ වූ වායුගෝලය, සංවර්ධනයට නව තාක්ෂණය අනිසි අයුරින් යොදා ගැනිම බරපතල පාරිසරික ප්‍රශ්න බවට පත්ව ඇත. රත්නපුරයට ආවේණික මැණික් කර්මාන්තය අවිධිමත්ව, නීති විරෝධිව අක්‍රමවත් ව මෙන්ම විශාල යන්ත්‍ර සුත්‍ර යොදා පරිසරය විනාශ වන අයුරින් කටයුතු සිදුවේ නම් ඒ වැලැක්වීමට අවශ්‍ය සියලු පියවර ගත යුතුය.
     
    එමෙන්ම දේශිය ආර්ථිකය ශක්තිමත් කිරිමට මැණික් කර්මාන්තයෙන් විශාල පිටුවහලක් ලැබෙන හෙයින් පරිසරය සුරක්ෂිත කිරිමට පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් ඒ සදහා නව නීති හෝ සංශෝධනයන් ගෙන ඒමට කටයුතු කල යුතු බවද පැවසීය.  
     
    මිනිසා ප්‍රමුඛ ජිවි අජිවි සැමගේම සුරක්ෂිතතාව සදහා සොබාදහමේ ආරක්ෂාව අතිශයින්ම වැදගත්ය. මෙහිදි සියලු අංශවල සහයෝගය, ක්‍රියාකාරිත්වය මහජන ශුභසිද්ධිය තකා ප්‍රමුඛව ලැබිය යුතුය. මේ කාර්යය සදහා කළ කැපවීමක් ලබා දෙනමෙන් තමා ආයාචනය කරන බවද, එය අප සියල්ලන්ගේම ජාතික යුතුකමක් මෙන්ම උතුම් මානුෂික කාර්යයකැයි ද ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
     
    පිළිගැනිම සහ සමුළුවේ අරමුණ පැහැදිලි කිරීම රත්නපුර දිස්ත්‍රික්කයේ පරිසර ගැටළු සහ යෝජිත විසදුම් පිළිබද ඉදිරිපත් කිරිම රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කරන ලදි. රත්නපුර පරිසර සමුළුව නිමිත්තෙන් නිකුත් කළ විශේෂ පුවත්පත් අතිරේකය පිළිගැන්වීම ද මෙහිදි සිදු විය.
     
    පරිසර සංවිධාන සකස් කරන ලද පරිසර ගැටළු හා විසදුම් ඇතුළත් සංදේශය සබරගමු ජනතා පදනම විසින් පිළිගැන්වීම ද රත්නපුර මහනගර සභා බල ප්‍රදේශයේ විධිමත් කසල කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දියුණු කිරිම සදහා වූ පොරොන්දු පත්‍රය පිළිගැන්වීම ද ශ්‍රි පාද මාර්ගයේ පලාබද්දල ආශ්‍රිතව කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම සම්බන්ධ පොරොන්දු පත්‍රය පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. 
     
    තවද පරිසර නර්තන අංගයන් ඉදිරිපත් කල ර/ කොස්ගල විද්‍යාලයේ දරුවන් ඇගයීමට ලක් කිරිම ද පරිසර සංරක්ෂණය සම්බන්ධ කථාව ඉදිරිපත් කළ ර/ සීවලි මධ්‍ය විද්‍යාලයේ එච්.එම්.ඒ ෂෙහාන් මුණසිංහ සිසුවා ඇගයීමට ලක් කිරිම ද පරිසර හිතකාමී වැඩසටහන් ඇගයීම‍ට ලක් කිරිම යටතේ බලංගොඩ කසළ කළමනාකරන ව්‍යාපෘතිය, ඇහැලියගොඩ රෝහලේ පරිසර හිතකාමි වැඩසටහන,ර/ සීවලි මධ්‍ය විද්‍යාලයේ පරිසර වැඩසටහන් සදහා උපහාර පිරිනැමීම,  පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාකාරිව කටයුතු කරන පරිසර සංවිධාන ඇගයීම, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
     
    මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ මැණික් තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරිමේ පාඨමාලාව අවසන් කළ පුහුණුලාභින් 100 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරිම, පාසල්වලට හා ආයතනවලට අපද්‍රව්‍ය බැහැර කිරිමේ බදුන් 400ක් බෙදා දීම,  පරිසර හිතකාමි ගමන් මළු 3000ක් බෙදා දීම ද පරිසර සංවිධාන විසින් ජනාධිපතිතුමා‍ට සමරු තිලිණයක් පිළිගැන්වීම ද මෙහිදි සිදු විය.
     
    මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ  රජයේ මැතිඇමතිවරුන්ද පළාත් සභාවේ මැතිඇමතිවරුන්ද රාජ්‍ය නිලධාරින් ද පරිසර ක්‍රියාකාරකයන් ද ගුරුභවතුන් ද  පාසල් සිසුන් ද ප්‍රාදේශීය ලේකම්වරුන් ද රජයේ නිලධාරින් රැසක් ද සහභාගි වූහ.
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුනි.   
     
     
    AP/DMU-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya