මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයට නිලූකා ඒකනායක මහත්මිය පත්වෙයි

    මාර්තු 18, 2016

    අභාවප‍්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මියගෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා නිලූකා ඒකානයක මහත්මිය පත්කර තිබෙන අතර ඒ මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

    ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත් පතේ හිටපු උපදේශක කර්තෘවරියක් වන නිලූකා ඒකනායක මහත්මිය මාධ්‍යවේදිනියක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.

    වත්තල, කෙරවලපිටිය විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒකනායක මහත්මිය මාතලේ විජය විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය හැදෑරූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය ලබා ගත්තාය.

    නිලූකා ඒකානයක මහත්මිය එක්දරු මවකි.

    දිවරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද නිලූකා ඒකානයක මහත්මියගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya