මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කර තිබෙනවා

    පෙබරවාරි 24, 2016

    ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබදුන්නොත් එය රටේ ආර්ථික උද්දාමයට හේතු වෙනවා.අපේ දේශ‍පාලන මතයට ප්‍රමුඛත්වය තියන්නෙ නැතිව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා යැයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය විවාදයේ අඳහස් දක්වමිනි.

     


    මේ රටේ වැඩි‍ වසරක් භාවිතා කළ ව්‍යවස්ථාව බිහි කළේ එක්සත් ජාතික පක්ෂයයි. අපේ නායකයෝ තමා පළමුව නොව, රට පළමුව තබා මේ ව්‍යවස්ථාව නිර්මාණය කළේ.අද සියළු දෙනා එජාපයට චෝදනා කරනවා.2015 රට භාරදෙනවිට අපනයනය සියයට 17 දක්වා අඩු වෙලා. අපනයන සියයට 20කින් අඩු වෙලා.

     

    අපි ජනතාවට සහන ලබාදෙන ආණ්ඩුවක්. අපේ දේශ‍පාලන මතයට ප්‍රමුඛත්වය තියන්නෙ නැතිව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.  අපි ඒ කාලේ විපක්ෂයේ ඉදලා කෑගහපු දේවල් අද අපි ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. අද සුළු ජාතීන්ට බලය ලැබී තිබෙනවා.  ජනවාරි 08 වැනිදා පවුල්වාදය අවසන්කරන්න, සුදු වෑන් සංස්කෘතිය අයින් කරන්න, බලය දුන්නා.

     

    සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි.ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබදුන්නොත් එය රටේ ආර්ථික උද්දාමයට හේතු වෙනවා.පෞද්ගලික ගමන අතහැර රටේ අනාගතය වෙනුවෙන් මෙම සත්කාර්යයට දායක විය යුතුයි.යුද්ධය අවසන් වුණාට, ජාතික ප්‍රශ්නය විසදී නෑ.ජනතාවට වුවමනා විසඳුමක් ලබදිය යුතුයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya