මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළොන්නාව කුණු කන්දට ක්ෂණික හා දීර්ගකාලීන විසඳුමක්

    පෙබරවාරි 24, 2016

    කොළොන්නාව කුණු කන්ද සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට ක්ෂණික හා දීර්ගකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා අද (24) වාචික ප්‍රශ්න අවස්ථාවේ දී කොළොන්නාව කුණු කන්ද පිළිබඳව ගැටළුව පිළිබඳව සභාවට කරුණු ඉදිරිපත් කළේ ය.

     

    කොළොන්නාව කුණු කන්ද විශාල ප්‍රශ්නයක්.මේ වනවිට අඩි 300ක් විතර උසට කුණු කන්ද තිබෙනවා.මේ කුණු කන්දට කුණු ගේන්නේ කොළඹ නගර සභාවෙන්.මේ වනවිට සයිට් තුනක් වත්තල ප්‍රදේශයෙන් නව ව්‍යාපෘතියක් සඳහා හදුනාගෙන තිබෙනවා.කුණු කන්දේ ටොන් මිලියන 23.5ක් කුණු තිබෙනවා.

     

    වැසි දිනවල,රාජගිරියට ගඳ එනවා.භූගත ජලය පානය කරන්න බෑ.තවත් අවුරුදු දෙකක් යනකොට ප්‍රශ්නය වැඩි වෙනවා.මෙයට විසඳුමක් දෙන්න කලින් කොළොන්නාවට කුණු ගේන එක නවත්වන්න ඕන.ඉන් පසු ව්‍යාපෘතිය පටන් ගන්න.මොරටුව විශ්වවිද්‍යාලය මේ ගැන අධ්‍යයනය කර තිබෙනවා.1995 සිට වසර 21ක් මේ ප්‍රශ්නය තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

     

    ගැටළුවට පිළිතුරු දුන් මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා; අවුරුදු 20ක් ප්‍රශ්නය තිබෙනවා.එය විසඳාගත යුතුයි.අමාත්‍යාංශයකට තනිව විසඳිය නොහැකියි. අමාත්‍යාංශ පහක් එකතුවෙලා,සියලු ආයතන එකතුවෙලා කටයුතු කළ යුතුයි.ක්ෂණික හා දීර්ග කාලීනව විසඳුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya