මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන,ප්‍රජාතන්ත්‍රවාදය,පාර්ලිමේන්තුව ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් අවශ්‍යයි

    පෙබරවාරි 24, 2016

    රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන, ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව ශක්තිමත්  කරන,පාලකයා පුරවැසියාගේ සේවකයා යන පූර්වාදර්ශය සපයන අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

     

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (24) පාර්ලිමේන්තුවේ දී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය විවාදයේ අඳහස් දක්වමිනි.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන ක්‍රමවේදය පිළිබඳව මේ තරම් කතා කරන්නේ ඇයි කියලා ඇතැමුන් අහනවා. තුනෙන් දෙකේ බලයට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන කාරණය සිතන්නේ නැතිව සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම ගැන රජය නම්‍යශීලී වී තිබෙනවා.

     

    පක්ෂ, පාට, කෝණ බලන්නේ නැතිව රජය ලෙස සාධාර්ණ ක්‍රමයකට ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාවක් ගොඩනගන්න සුවිශේෂී අවස්ථවක් උදා වී තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට එකමුතුව, එක්සත් වීමයි අවශ්‍යය. අලුත් ව්‍යවස්ථාවක් හදමු.

     

    විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන් අහෝසි කරන ව්‍යවස්ථාවක් සකස් කිරීමයි අභිළාෂය. මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන, ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව ශක්තිමත් කරන, පාලකය, පුරවැසියාගේ සේවකයා යන පූර්වාදර්ශය සපයන අලුත් ව්‍යවස්ථාවක් අපිට අවශ්‍ය වී තිබෙනවා.

     

    පුරවැසියන්ට වගකියන අලුත් පලන ක්‍රමයක් රටේ ගොඩනැගිය යුතුයි.පාර්ලිමේන්තුව ශක්තිමත් කරන ක්‍රමවේදය අගමැතිතුමාගේ ප්‍රධනත්වයෙන් සිදු කරනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන කටයුතු අපි කළ යුතුයි.කාරකසභා ඇති කර,ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම මඟින්සියලු මන්ත්‍රීවරුන්ට රාජ්‍ය පංගුව, ප්‍රතිපත්ති සම්පාදනයේ පංගුවට සහභාගීවීමට අවස්ථාව ලැබෙනවා.

     

    මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි.එය විය යුත්තේ,මේ රටේ දැනට තිබෙනවාට වඩා හොඳ ක්‍රමයකටයි.සාර්ථක විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya