මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව කතානායකවරයාට අගමැතිගෙන් සුබාශිංසන

    සැප්තැම්බර් 01, 2015
    කතානායක ධූරය මේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතරම ධූරය වන අතර එය රටේ තුන් වැනි ධූර බව කතානායක කරු ජයසූරිය මහතා වෙත සුබාශිංසන එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය. 
    මේ රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් අලුත් සම්ප්‍රදායකට ගමන් කිරීමට වසර 2ක්වත් එකතු වෙලා කටයුතු කළ යුතු බවත් නව පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න අවස්ථාව උදා වී තිබෙන බවත් අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලබා දුන් සහයෝගය අගය කරන බව ද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
    අප සියලු දෙනාට එකතු වෙලා වැඩ කළ හැකි බව ප්‍රකාශ කළ අගමැතිවරයා සභාවේ හැසිරීම පිළිබඳ ඇතිව තිබූ ගැටලු ඉදිරියේදී ඇති නොවන්නට කටයුතු කිරීම වැදගත් වන බව ද ප්‍රකාශ කළේය.
    මෙම සභාවේ වෙනස්කම් ඇති කිරීමට තිබෙන බවත් කාරක සභා ක්‍රමය, දිස්ත්‍රික් සභා ක්‍රමය, අයවැය කාරක සභාව, මන්ත්‍රීවරුන්ගේ ඉඩකඩ , විශේෂ පර්යේෂණ ආයතනයක් යනාදී ඇති කිරීමට තිබෙන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya