මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම - හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ

    ජූලි 05, 2015

    දක්ෂිණඅධිවේගි මාර්ගයේ ගොඩගම  - හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භකිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ මාතර නිල්වලා පිවිසුම අභියසදී පැවැත්විණී.

     

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.

     

    අන්‍යාගමික පූජකරුවන්ද ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    අමාත්‍යවරුන්වන මංගල සමරවීර, කබීර් හෂිම්, මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද චීනතානාපති ෂ්යෑං ලියැංග් මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya