මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක පවුල මේ රටට නොකළේ හොරකම, වංචාව සහ දූෂණය පමණයි - ජනපති

    ජූලි 06, 2015
    බණ්ඩාරනායක පවුල මේ රටට නොකළේ හොරකම, වංචාව සහ දූෂණය පමණක් බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිණිය ලෙස කළේ මොනවාදැයි අසන පිරිසට තමාට දීමට ඇති පිළිතුර එය බවත් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (05) පස්වරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති උත්සව සභාව අමතමිනි.
     
    එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නායකත්වය දැරූ යුගයේ දී පක්ෂය තුළ ඉතා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය රැකුණු බවත්, තීන්දු තීරණ ගැනීමේදී සෑම කෙනෙකුගේම මතයට කන්දීමට එතුමිය නිහතමානී වූවා සේම තමාගෙන් යම් අඩුපාඩුවක් වී නම් පසුව ඒ බව පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු කළ බවත් පැවසීය. 
     
    මෙම උත්සවයේ ප්‍රධාන දේශනය "සාර්ව සහභාගීත්වයෙන් යුත් සමාජයක් පිළිබඳ සංකල්පය අශෝක අධිරාජ්‍යයාගෙන් ලොවට පිරිනැමුණු දායාදය" යන මැයෙන් සංවර්ධිත සමාජයක් පිළිබඳ ඉන්දියානු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය රජීව් භාර්ගාවා මහතා විසින් පවත්වන ලදී.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය මහකොමසාරිස්තුමා ප්‍රමුඛ විදේශීය තානාපතිවරුන් ද ආචාර්ය මහාචාර්යවරුන්, ප්‍රභූන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya