මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ දින 100 වැඩසටහනට ප්‍රමුඛත්වය දෙමින් 2015 අයවැය යෝජනා සංශෝධනය කෙරේ Featured

    ජනවාරි 29, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ නව රජයේ දින 100 වැඩසටහනෙ හි සඳහන් කඩිනම් සහන ජනතාවට ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දී පසුගිය රජයෙන් ඉදිරිපත් කරන ලද 2015 අයවැය සංශෝධනය කෙරේ.

    2015 වර්ෂය සඳහා සම්මත කරන ලද 2014 අංක 41 දරණ විසර්ජන පනත මඟින් අමාත්‍යංශ 60ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. එහෙත් නව රජය යටතේ ක්‍රියාත්මක වනුයේ කැබිනට් අමාත්‍යංශ 31ක් හා රාජ්‍ය අමාත්‍යංශ 10කි. ඒ අනුව අමාත්‍යංශය 60ක් සඳහා වෙන් කර තිබූ මුදල් නව අමාත්‍යංශ විෂය පථයන්ට අනුකූලවන අයුරින් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

     

    මුදල් අමාත්‍යංශයෙන් රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට හදිසි පනතක් සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථා ප්‍රකාරව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya