මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිරාණි බණ්ඩාරනායක නැවත අගවිනිසුරු වෙයි, අද විශ්‍රාම ගැනීමට නියමිතයි Featured

    ජනවාරි 29, 2015

    හතළිස් තුන්වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගවිනිසුරුවරිය ලෙස ඊයේ (28) වැඩ බාරගත්තාය. එතුමිය ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බව ජනාධිපතිතුමන් විසින් ඇයට දැන්වීමත් සමඟ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ එම ධුරය නැවත භාරගත්තාය.

    2013 ජනවාරි 11 දින ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් පහකිරීම නීත්‍යනුකූලව සිදුකර නොමැති බැවින් අගවිනිසුරුවරියට දිගටම එම ධුරයේ කටයුතු කළ හැකි බවටත්, පුරප්පාඩුවක් නොපැවතිය දී 44වැනි අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ පත්වීම මුල පටන්ම නීති විරෝධි බලශුන්‍ය පත්කිරීමක් බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් ලේකම් පී. බී. අබේකෝන් මහතා විසින් නිකුත් කළ ලිපියක් මඟින් දැනුම් දී ඇත.

     

    අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සිදුකර නොමැති බැවින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරුවරයා ලෙස 2013 ජනවාරි 15 දින සිට පත් කිරීම නීති විරෝධි බව මෙම ලිපිය මඟින් දැනුම් දී ඇත.

     

    ජනාධිපතිවරයාගේ නියමය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියට, අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට හා ආචර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ජනාධිපති ලේකම්වරයා ලිපි යොමුකර තිබිණි. නීත්‍යනුකූලව අගවිනිසුරු ධුරයෙන් පහකර නොමැති බැවින් යළි අගවිනිසුරු ධුරයේ කාර්ය සිදුකළ හැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ද ලිපියක් යොමුකර තිබිණි.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියමය පරිදි නිකුත් කළ එම ලිපිය ප්‍රකාරව හා ශ්‍රේෂ්ඨාධිකරණයට කර ඇති දැනුම්දීම ප්‍රකාරව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (28) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිය ධුරයේ වැඩ බාරගත්තාය.

     

    එහෙත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් අද දින (28) එම ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ඊයේ දැනුම් දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya