අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් හෙටක් උදෙසා අතුරු අයවැයේ සහන පහත පරිදි වේ Featured

    ජනවාරි 29, 2015

    දෙවන යාවත්කාලීන කිරීම : යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා දින 100 වැඩසටහන යටතේ ඉදිරිපත් කරන ලද නව රජයේ අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී දැනුම් දෙන ලදී.

    ආර්ථිකය විනාශ කළ පවුල් පාලනයෙන් රට මුදා ගත් අතර නාස්තිකාර දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බවත් එහි දී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

     

    ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීමට දායකවන ප්‍රතිලාභ ලෙස රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන බවත් එයින් රුපියල් 5,000ක් පෙබරවාරි මාසයේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපට එකතු කර ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා දැනුම් දුන්නේය. ඉතිරි රුපියල් 5,000 ජුනි මාසයේ දී ලබා දීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 2014 රාජ්‍ය සේවක වැටුපට සාපේක්ෂව මෙය 2015 දී 47% වැටුප් වැඩි කිරීමකි. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට ලබා දෙන ලද විශාල වැටුප් වැඩිවීමකි.

     

    GSP+ පහසුකම් යළිලබා ගැනීමට කටයුතු කරන අතර මෙය අහිමි වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5000ක පාඩුවක් රටට සිදු විය.

     

    විශ්‍රාමික රජයේ සේවකයන්ට 2015 අප්‍රේල්  සිට විශ්‍රාමික වැටුප් රුපියල් 1000කින් වැඩි කරීමට කටයුතු කෙරේ.

     

    සමෘද්ධි දීමනාව 2015 අප්‍රේල් සිට සියයට 200කින් වැඩි කරනු ලැබේ.

     

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත් පොළිය මිලියනයක් දක්වා උපරිමයට යටත්ව එම තැන්පතු සඳහා සියයට 15ක පොළියක් ලබා දේ.

     

    ඉලෙක්ට්‍රොනික් පත්‍ර හරහා මවුවරුන්ට ප්‍රතිලාභ ලබා දෙන අතර උපදින දරුවන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් වහාම මව්වරුන්ට ලබා දීමට කටයුතු කෙරේ.

     

    ගොවි ණය සහන වශයෙන් වාණිජ ණය උපරිම ලක්ෂය දක්වා ණය පොළිය සියයට 50න් කපා හරිනු ඇත.

     

    බෝග වර්ග හා වී සඳහා වන සහතික මිල ගණන් මෙසේය.

    ඒ අනුව : වී - රුපියල් 50 ; අර්ථාපල් - රුපියල් 80 ; තේ දළු - රුපියල් 80 ;  රබර් - රුපියල් 350 ලෙස සහතික මිල සටහන් වේ.

     

    මෙතෙක් පවත්වාගෙන ගිය පොහොර සහනාධාරය තවදුරටත් ලබා දෙනු ලැබේ.

     

    යොවුන් පාර්ලිමේන්තුව බලගැන්වීමේ අරමුණින් 2015 වර්ෂය සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කරනු ඇත.

     

    කිරි ලීටරයේ සහතික මිල රුපියල් 60 සිට රුපියල් 70 දක්වා ජූලි සිට වැඩි කරනු ලැබේ.

     

    විමධ්‍යගත අරමුදල හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන රුපියල් මිලියන 5ක විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 10 දක්වා වැඩි කරයි.

     

    කොළඹ දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පදිංචි කළ පවුලක් විසින් දරන ලද රුපියල් 100,000ක මුලික අත්තිකාරම රජය විසින් දරනු ලබන අතර මාස 240ක කාලයක් සඳහා මසකට රුපියල් 250ක් දක්වා වූ කුලී මුදලින් ද කොටසක් රජය විසින් දරනු ඇත.

     

    දූෂිත දැයට කිරුළ ට නියම වූ කෝටි 3400ක මුදල නැවැත්වීමට කටයුතු කර ඇත. අදාළ ප්‍රදේශයේ සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපාතීන් අඛණ්ඩව සිදු කරගෙන යෑම සඳහා රුපියල් බිලියන 01ක මුදලක් ද වෙන් කෙරේ. 

     

    ජල ජාතික නිෂ්පාදිතයෙන් 1.4%ක් ව පැවැති සෞඛ්‍ය වියදම 3%දක්වා ක්‍රමානුකූලව ඉහළ නංවා ඇත. රෝහල්වල බාහිර රෝගී අංශ පැය 24 පුරා විවෘතව තැබේ. වකුගඩු රෝගීන්ගේ දීමනාව තවදුරටත් දිගටම ගෙවනු ලැබේ.

     

    අධ්‍යාපන වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 දක්වා වැඩි කෙරේ.

     

    ජීවන වියදම් අඩු කිරීමේ යෝජනා පහත පරිදි වේ.

     

    මේ වනවිටත් ඉන්ධන මිල අඩු කර තිබේ. භූමි තෙල් ලීටරයක මිල පෙර අඩු කරන මිලෙන් තවත් රුපියල් 6ක් (රුපියල් 59ක් දක්වා) අඩු කෙරේ. ඉදිරියේ දී ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබේ.

     

    අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 13ක මිල අඩු කෙරේ. ඒ අනුව:

     

    සීනි කිලෝ ග්‍රෑම් 1කට පනවා ඇති රුපියල් 28ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින් අඩු කරනු ලැබේ. ඒ අනුව සීනි කිලෝවක නව මිල රුපියල් 85ක් දක්වා අඩු විය යුතුය.

     

    ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325 දක්වා අඩු කෙරේ. එය රුපියල් 61ක අඩුවීමකි. සස්ටජන් කිරිපිටි මත පනවා ඇති තීරු බද්ද වන 15% කපා හැරීමට කටයුතු කෙරේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් අඩු වේ. දියර කිරි ලීටරයකට ගෙවනු ලබන මිල රුපියල් 70ක් දක්වා වන පරිදි රුපියල් 10කින් වැඩිකිරීමට කටයුතු කෙරේ. 

     

    තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක් මත පනවා ඇති ආනයන බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 10ක් වන පරිදි අඩු කෙරේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ.

     

    පාන් ගෙඩියක මිල ද ඒ අනුව රුපියල් 6කින් අඩු කෙරේ.

     

    මුං ඇට කිලෝවක් මත පනවා ඇති රුපියල් 40ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින් අඩු කෙරේ. ඒ අනුව මුං ඇට කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩු කෙරේ. 

     

    හාල් මැස්සන් මත පනවා ඇති රුපියල් 26ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 15කින් අඩු කෙරේ.

     

    ටින් කරන ලද මාළු කිලෝවක් මත අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 52කින් අඩු කෙරේ. ඒ හේතුවෙන් ටන් මාළු මිල රුපියල් 60කින් පමණ අඩු විය යුතුය. 

     

    කොත්තමල්ලි කිලෝවක් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20කින් අඩු කෙරේ. කුඩු කරන ලද හා පිටි කරන ලද කොත්තමල්ලි කිලෝවක් සඳහා අයකරන බද්ද ද රුපියල් 150කින් අඩුකර ඇත. 

     

    උඳු කිලෝවක් සඳහා අයකරන රුපියල් 110ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50කින් අඩු කෙරේ. පිටි කරන ලද උඳු කිලෝවක් සඳහා අයකරන රුපියල් 300ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100කින් අඩු කෙරේ. 

     

    උම්බලකඩ කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 200කින් අඩු කෙරේ.

     

    කහ කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 202 සිට රුපියල් 102 දක්වා අඩු කෙරේ.

     

    මිරිස් කුඩු කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 25කන් අඩු කෙරේ.

     

     

    තවද, උකස් භාණ්ඩවල ලක්ෂ 2ක අඩු භාණ්ඩ සඳහා පොලිය කපාහරිනු ලැබේ.

     

    ගෘහස්ථ එල්. පී. ගෑස් මිල රුපියල් 1596 දක්වා රුපියල් 300කින් අඩු කෙරේ.

     

    විගමන බදු සියයට 20කින් වැඩි කෙරේ.

     

    සුපිරි වාසි බද්ධ යෝජනා කෙරේ. ඒ අනුව මිලියන 2000ට වැඩි ලාභ උපදවන පුද්ගලික ආයතනවලින් එක්වරක් පමණක් සියයට 25ක නව බද්ධක් අය කෙරේ.

     

    උපයන විට ගෙවීමේ බද්ධ තවදුරටත් සහන ලබා දේ.

     

    දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන ලබා දේ.

     

    සිමෙන්ති සඳහා තීරු බදු සියයට 7.5කින් අඩු කෙරේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 90කින් අඩු වේ.

     

    යතුරු පැදි, ත්‍රී රෝද රථ දේශීයව නිෂ්පාදනය කිරීම දිරිමත් කෙරේ.

     

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩු කෙරේ.

     

    වාහන ආදායම් බදු සහන මෙසේය. CC 1000 ට අඩු බදු සියයට 15කින් අඩු කෙරේ. CC 1000 හයිබ්‍රිඩ් (දෙමහුන්) වාහන බද්ධ ගණනය කිරීම සඳහා ක්ෂය වීමේ වගුව සංශෝධනය කෙරේ.

     

    බදු ක්‍රමය සරල කෙරේ.

     

    ක්‍රීඩා සඳහා වෙන්වූ රූපවාහිනී නාලිකා සඳහා රුපියල් මිලියන 1000 ක එක්වරක් පමණක් ගෙවිය යුතු බද්ධ නියම කෙරේ.

     

    ජංගම දුරකතන රීලෝඩ් සඳහා අය කළ සියයට 25ක බද්ධ කපා හරියි.

     

    ආබාධිත රණවිරුවන් සඳහා රුපියල් ලක්ෂ පහක උපරිමයට යටත්ව විශේෂ ණය ලබා දේ.

     

    ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය යන ආයතන සඳහා බඳවා ගත් අවුරුදු 7ට වඩා සේවය කළ සේවකයන් එම ආයතනවලට බඳවා ගනු ලැබේ.

     

    මහපොල සහනාධාර රුපියල් 5000 දක්වා වැඩි කෙරේ.

     

    දහම් පාසල් ගුරුවරියන්ට රුපියල් 250ක මාසික දීමනාක් ලබා දේ.

     

    ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම දීමනාවක් හදුන්වා දී ඇත.

     

    ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් දෙක පාඩු ලැබීමට විසදුමක් ලෙස එම ආයතන දෙක ඒකාබද්ධ කෙරේ.

     

    සියලු පුරවැසියන්ගේ නමින් බැංකු ගිණුම් ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.

     

    විගමන සේවකයින්ට විදේශ සේවා ආයතනයේ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා අඩු කෙරේ.

     

    ජ්‍යේෂ්ඨ පුරවැසි පහසුකම් ගාස්තු සියයට 50 දක්වා අඩු කෙරේ.

     

    ධීවර ප්‍රජාව වෙනුවෙන් නව  ක්‍රමයක් හා රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් ලබා දේ.

     

    අනේවාසික (NRFC) ගිණුම් පොළිය සියයට 5කින් වැඩි කෙරේ.

     

    ණය පත්‍ර සඳහාවන ණය පොළිය සීමා කෙරේ.

     

    ඖෂධ නිෂ්පාදනයන් මෙහි ආයෝජනය කිරීම සඳහා දිරිමත් කෙරේ.

     

    රජයේ ආයතන හා දෙපාර්තමේන්තු මඟින් කරනු ලබන දේශපාලන පසුබිම් වූ දැන්වීම් පළ කිරීම තහනම් කෙරේ.

     

    විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් සියයට 20 බද්දක් අය කෙරේ.


    මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමකින් යුතු නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක් අය කෙරේ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya