මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක රාජ්‍ය ඇමැති "මිහිඳු සෙත් මැඳුර" නිරීක්ෂණ චාරිකාවක

    ජනවාරි 23, 2015
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පසුගිය දින අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව සිටින රණ විරුවන්ගේ සුවදුක් බැලීම පිණිස එහි චාරිකාවක නිරත විය. මෙහිදී මානුෂීය මහෙයුමේ දී රණක්ෂිතයට පත් රණ විරුවෙක් විසින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව මිහිඳු සෙත් මැදුර පරිශ්‍රය තුළ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වූ රාජ්‍ය අමාත්‍යවරයා නේවාසික රණ විරුවන්ගේ සුවදුක් මෙන් ම ආයතනික ව්‍යුහය පිළිබඳ ව සොයා බලන ලදී.
     
    පසුව නේවාසික රණ විරුවන් පොදුවේ ආමන්ත්‍රණය නොකළ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් වෙත ගොස් සුවදුක් මෙන් ම ඔවුන්ගේ ගැටලු පිළිබඳ ව එකිනෙකා සමග සුහද සාකච්ඡාවක නිරත විය.
     
    මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "‍අප සියලු දෙනා අද භුක්ති විඳින නිදහස ලබාදීම සිය ජිවිත කැප කළ රණ විරුවන්ගේ අනාගත සුභ සාධනය වෙනුවෙන් අවශ්‍ය සෑම දෙයක් ම සිදුකරන බවත් ඔවුනගේ ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් තමා කටයුතු කරන බවත් ය. 
     
    එසේම රණ විරුවන් ඉතාම හොඳින් රැකබලාගැනීම පිළිබඳ ව තමන් සතුටු වන බවත් ඒ වෙනුවෙන් සෑම දෙනාට ම තමන් ස්තූතිවන්ත වන බවත් පැවසිය. 
     
    තවද නව ආණ්ඩුව යටතේ ද රට වෙනුවෙන් කැප කිරීම් කළ ආබාධිත රණ විරුවන් ඉතා හොඳින් රැක බලාගැනීමේ සියලු කටයුතු ඒ අයුරින් ම සිදුකරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිතර ම රණ විරුවන්ගේ ගැටලු වෙනුවෙන් ඇහුම්කන් දෙමින් ත්‍රිවිධ හමුදාවේ ම සුභසාධනය වෙනුවෙන් සිය අනිවාර්ය අවධානය යොමුකරන බවත් තවදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya