අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආරක්ෂක උපදේශකවරු 07දෙනෙකු ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසෙයි

    ජනවාරි 23, 2015
    ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියා, චීනය, බංග්ලාදේශ, ඉන්දියාව, ජපානය, පකිස්තානය සහ ඇමරිකාව යන රටවල  විදේශීය ආරක්ෂක උපදේශකයන් ඊයේ (22) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී නව ආරක්ෂක ලේකම් බී. එම්.යූ.ඩී. බස්නායක මහතා මුණ ගැසී සුහද සාකච්ඡාවන් පැවැත්වීය.
     
    ඒ අනුව ඔස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කපිතන් ජේසන් සියර්ස් (Captain Jason Sears),  බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු ෂාහ් අස්ලාම් පර්වේෂ් (Commodore Shah Aslam 
    Parvez), චීන ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් (Sr Colonel Li Chenglin), ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සිටින ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් (Captain Prakash Gopalan), ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක හා ලේකම් (දේශපාලන) කපිතන් මොටොට්සුගු ෂිගෙකාවා (Captain Mototsugu Shigekawa), පාකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් මොහමඩ් රජිල් ඉර්ෂාඩ් ඛාන් (Colonel Muhammad Rajil Irshad Khan)හා ඇමරිකානු ආරක්ෂක උපදේශක එල්.ටී.සී. රොබට් නොක්ස් රොස් (LTC Robert Knox Ross)මහත්වරු හමු වී ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සමඟ  චීන රජයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුති/ කර්නල් මියෝ කායි මහතා ද සහභාගී විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya