මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා පරිමාණ දූෂණ සෙවීම හා මැඬලීම සඳහා කොමිෂන් සභාවක් Featured

    ජනවාරි 22, 2015

    රජය විසින් පත් කර ඇති ජාතික විධායක සභාවේ නිර්දේශ අනුව මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.


    නව ආණ්ඩුවේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (21) පැවති අතර එහිදී මේ සඳහා අනුමැතිය දී ඇත.

    පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ ජනතාව අතර බෙදාදීමට ගෙනැවිත් ඇති භාණ්ඩ හා විවිධ අයිතමයන් පිළිබඳ සොයා බැලීම සහ නීති විරෝධී ලෙස පවරා ගත් ඉඩම් හා නිශ්චල චංචල දේපළ පිළිබඳ සොයා බැලීම කෙටි කාලීන වැඩපිළිවෙළ යටතේ සිදු කරනු ඇත.

    ඊට අමතරව රාජ්‍ය තන්ත්‍රය තුළ සිදු වූ මහා පරිමාණ වංචා හා අක්‍රමිකතා මැඬපැවැත්වීම සඳහා දිගු කාලීන ක්‍රියාමාර්ග අතරට අල්ලස් හා දූෂණ කොමිසම වඩා ශක්තිමත් කරනු ඇත. ඊට අමතරව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවනු ලැබේ. මින් ඉදිරියට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.

    රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදනය පිළිබඳ මාර්ගෝපදේශ පිළියෙල කර අනුගමනය කිරීමේ ක්‍රමවේදය ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නියෝජිත ආයතනයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය කාලේ පිහිටුවා තිබූ නමුත් පසුගිය රජය එම ආයතනය අහෝසි කළේය.

    මීට අමතරව විගණන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික විගණන පනතක් හඳුන්වා දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ විරෝධී සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වය දරන දූෂණ විරෝධී කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මෙන්ම සරත් ෆොන්සේකා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී. වැලිඅමුණ හා මලික් සමරවික්‍රම යන මහත්වරු වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya