මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය යුද හමුදා විද්‍යාල නියෝජිත කණ්ඩායම නාවික හමුදා මූලස්ථානයේ

    නොවැම්බර් 11, 2014
    බ්‍රිගේඩියර් එජ්.එස්. සින්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය යුද හමුදා විද්‍යාලයේ නියෝජිත කණ්ඩායම නාවික හමුදා මූලස්ථානයේ සංචාරක නිරත වූහ.
     
    මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා විසින් කැඳවාගෙන එනු ලැබීය.
     
    මෙහිදී මෙම නියෝජිත පිරිස නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ද හමු වී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.
     
    ඔවුන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාදාමය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද සිදු කෙරිණි.  
       
    මෙම අධ්‍යයන නියෝජිත කණ්ඩායම 15දා වන තුරු ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya