අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ඉලක්කය කල්තියා ම සපුරා ගත හැකියි

    නොවැම්බර් 11, 2014
    විදේශ රැකියා නියුක්තියන් හරහා මෙරටට ලැබෙන විදේහ විනිමය ප්‍රමාණය 2015 වසර අවසන් වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 07ක් දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කයක් අරමුණු කරගත් බවත් එම ප්‍රමාණය මේ වන විට 6.7 - 6.8ක් වැනි අගයක් ගන්නා බැවින් 2015 අවසන් වන විට නො ව 2015 ලබන විට එම ඉලක්කය සපුරාගත හැකි යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    විදේශගත වන ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය 33%කින් අඩු වී ඇත. එමෙන් ම පුරුෂ පක්ෂයේ මෙන් ම අර්ධ පුහුණු හා පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ද වැඩි වී ඇත. කාන්තා පක්ෂයෙන් ගෘහ සේවිකා නොවන රැකියා සඳහා විදේශ ගතවන්නන්ගේ ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
     
    රට විරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කොට ඇති බවත් එය 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ගෘහ සේවිකාවන් සඳහා ලබාදෙන වැටුප් වැඩිකර ගැනීමට කටයුතු කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.
     
    කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේ වයස් සීමාව අවුරුදු 23 දක්වා වැඩි කොට ඇත. එම වයස් සීමාව මැද පෙරදිග රටවල් සඳහා අවුරුදු 25 වේ. මැද පෙරදිග රටවල් සඳහා ජාතික නිපුණතා මට්ටම 03 වන අතර සෙසු රටවල් සඳහා ජාතික නිපුණතා මට්ටම හැදෑරීම පමණක් සෑහුණි. නමුත් ඉදිරියේ දී මෙය මට්ටම් 03 සමත් වීම යන මට්ටමට රැගෙන ඒමට ද කටයුතු කෙරේ.
     
    වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගත වීමේ දී දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya