මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කුසුමා කරුණාරත්න - පාර්ලිමේන්තු කථා එකතුව" ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමා වෙත

    සැප්තැම්බර් 29, 2014

    වාමාංශික ව්‍යාපාරයේ ප්‍රබල නායිකාවක මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන දිවංගත කුසුමා කරුණාරත්න මහත්මියගේ පාර්ලිමේන්තු කතා ඇතුළත් "කුසුමා කරුණාරත්න - පාර්ලිමේන්තු කථා එකතුව" ග්‍රන්ථය අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වෙත පිළිගැන්විණි.


    කුසුමා ගුණවර්ධන මහත්මිය විසින් වර්ෂ 1948 සිට 1956 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේදී කළ කතා ඇතුළත් කරමින් මාධ්‍යවේදී එස්. පියසේන මහතා සහ කුසුමා කරුණාරත්න මහත්මිය විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඇයගේ මිනිපිරියක වන රෂ්මි ගුණවර්ධන මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන් වූවාය.


    මෙම අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරු ද එක්වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya