මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක හදවත් දිනය අද Featured

    සැප්තැම්බර් 29, 2014

    ලෝක හදවත් දිනය අදට (29) යෙදී ඇත. 2000 වසරේදී ලෝක හදවත් සම්මේලනය විසින් හෘද රෝග පිළිබඳ ලෝකවාසීන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලදී.


    ලෝක හදවත් දිනය හෘද රෝග සම්බන්ධ දැනුවත් කිරීමේ ව්‍යාපාර, මාධ්‍ය වැඩසටහන් රාශියක් ජාත්‍යන්තර වශයෙන් රටවල් 120කට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කර ක්‍රියාත්මක කරන දිනයකි.


    අධික මේදය, ලුණු සහ පිටි සහිත ආහාර වැඩිපුර ගැනීම, ව්‍යායාම නොකිරීම, දුම්පානය සහ මත්ද්‍රව්‍ය / මත්පැන් පානය හදවත් රෝග සඳහා හේතුවන බව ජනතාවට අවබෝධ කර දීමත් එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම, ව්‍යායාමවල නිරත වීම සහ දුම්පානයෙන් හා මත්ද්‍රව්‍ය / මත්පැන් වැළකීම මඟින් හදවත් රෝග අවම කරගැනීමට හැකියාව ඇති බව පසක් කිරීමත් මෙම දිනයේදී විශේෂයෙන් සිහි කැඳවයි.


    වසර 15ක් සපුරන 2014 ලෝක හදවත් දිනයේ තේමාව හෘද නිර්ව්‍යාධී පරිසරයක් නිර්මාණය කිරීමයි. දුම්පානයෙන් තොර සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලකින් සවිමත් ක්‍රියාශීලී මිනිසුන් වෙසෙන විශ්ව ගම්මානයක් නිර්මාණය කිරීම මින් අදහස් කරයි.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya