මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් සේවක සුභසාධක සංගමය සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් අගයයි

    සැප්තැම්බර් 27, 2014

    2013 අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සාමාර්ථ ලබාගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් අගය කිරීමක් කටුනායක ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා සිදුකරන ලදී.


    මෙහිදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින්  විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් 28 දෙනෙකු සඳහා වටිනා ත්‍යාග සහ ශිෂ්‍යත්ව  පිරිනැමීමක්ද සිදු කරන ලදී. මෙහිදී සිසුන් 22ක් A සාමාර්ථ 9 බැගින් ලබාගෙන සිටි අතර, ඉතිරි සිසුන් 8 දෙනා A සාමාර්ථ 8 බැගින් ලබාගෙන සිටි දරුවන් වීමද විශේෂත්වයකි.


    මෙම අවස්ථාව සංවිධානය කිරී‍ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතන සබඳතා, සුභසාධක කළමනාකරු සහ සේවක සුභසාධක සංගමයේ සභාපති අජිත් බියන්විල මහතා පෙන්වා දුන්නේ දෙමාපියන්ගේ සිහිනය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවත් ඔවුන්ගේ දක්ෂතා අගය කිරීම අප සැමගේ වගකීමක් හා යුතුකමක් වන බවයි. එසේම කාර්ය මණ්ඩලයේ දරුවන්ගේ දක්ෂතා අගය කිරීම තුළින් අනාගතයේදී දැනුමින් හා බුද්ධියෙන් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවක සුභසාධක සංගමයට ද දායක වීමට අවස්ථාව උදා වන බවද හෙතෙම පෙන්වා දෙයි.


    ඒ ඒ දරුවන් සතු කුසලතා සහ ඔවුන් තුළ ඇති සුවිශේෂී දක්ෂතා අවබෝධ කර ගනිමින් එම හැකියාවන් දියුණු කර ගැනීමට අවශ්‍ය උදව් හා පහසුකම් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි. එසේ ම ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති සේවක සුභ සාධක සංගමය ඉදිරියේදීත් දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ඇප කැප වී සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


    මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් ප්‍රධානී හා සේවක සුභ සාධක සංගමයේ අනුශාසක ප්‍රදීප කැකුලාවල මහතා ඇතුළු ගුවන් සමාගමේ කළමනාකරුවන් සහ දෙමාපියෝ ද එක් ව සිටියහ.



    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවක සුභ සාධක සංගමය විසින් සෑම වසරක් පාසා ම පහවසර ශිෂත්වයෙන් ඉහළ ම ලකුණු ලබා ගන්නා  සාමාජිකයන්ගේ දරුවන් තිදෙනෙකුට වසර 7ක් යන තුරු ම ශිෂ්‍යත්වයන් සහ මූල්‍ය ආධාර  ලබාදීමද සිදු කරනු ලබයි.

    එසේ ම කාර්ය මණ්ඩලයේ හා ඔවුන්ගේ පවුලේ අයට හා හිතවතුන් සඳහා නිවාඩු නිකේතනයන් දිවයිනේ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන ආසන්නයේ පිහිටුවා ඇති අතර ඉතා අඩු මුදලකට සියලු  පහසුකම් භුක්ති විදීමේ අවස්ථාව සලසා ද තිබේ.  කාර්යමණ්ඩලය සඳහා කුලී සින්නක්කර ක්‍රමයට නිවසට අවැසි බඩු බාහිරාදිය හා විදුලි උපකරණ මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.


    නත්තල් හා නව අවුරුදු උත්සවය වෙනුවෙන් සේල් ක්‍රමයට වෙළඳ සැල් පවත්වන අතර එහිදී වෙළඳසැල්වල ඇති භාණ්ඩ ඉතාමත් සාධාරණ මිලකට ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. එසේ ම සංගමයේ වෛද්‍ය පහසුකම් වැඩසටහන මගින් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හට පුළුල් වෛද්‍ය ආවරණයක් ලබා දී ඇති අතර විශාල ප්‍රතිලාභ හිමිවන අවමංගල්‍යාධාර වැඩසටහනක්  ද පවත්වා ගෙන යනු ලබයි.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya