මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා ස්ථානයේ දී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන පිටුදැකීමේ ප්‍රතිපත්තිමය සංවාදය

    සැප්තැම්බර් 26, 2014

    නව ගැටලු හා බාධාවන් හඳුනා ගැනීම මුල් කර ගනිමින් සේවා ස්ථානයේදී කාන්තාවන්ට සිදු වන ලිංගික හිරිහැර පිටු දැකීම සඳහා වන ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ සංවාදයක් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන අදියර, ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි

    .ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ජාතික කාන්තා කමිටුව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය එක්ව ලිංගික අතවර වැළැක්වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් මානව හිමිකම් ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි. 


     2006 වසරේ කැබිනට් අනුමැතිය ලත් මෙම ප්‍රතිපත්තිය පිළිබඳ නැවත ක්‍රියාත්මක සැලසුමක් සකස් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙන්ම ඒ සඳහා බලපා ඇති ගැටලු හා බාධා මඟ හරවා කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම ද අරමුණ කර ගෙන සංවාදය පැවැත්විණි.


     සේවා ස්ථාන ආශ්‍රිත ලිංගික හිංසනයන් පිටු දැකීමේ කේන්ද්‍රස්ථානය වන්නේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයයි. කාන්තාවන් සඳහා රාජකාරි ස්ථානයන්හි ලිංගික අතවර සිදු කිරීම විශාල ප්‍රශ්නයක් වී ඇති අතර  ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට කාන්තාවන් දැනුවත් භාවය මද බවක් පවති.


    සේවා ස්ථානයේ දී කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිටු දැකීම සඳහා වන ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන පුද්ගලික අංශ, වතු ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහා ද මෙම ප්‍රතිපත්තියෙන් සහනයක් සැලසෙන අයුරින් සකස් වී ඇති බව එම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.  

     

    සේවා ස්ථානයේ ලිංගික අතවර වැළැක්වීම පිළිබඳ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ අත්දැකීම්, උගත් පාඩම් පිළිබඳ අත්දැකීම් මෙන් ම සේවා ස්ථානයේ ලිංගික අතවර වැළැක්වීම පිළිබඳ මානව හිමිකම් කොමිසමෙහි නීති නිලධාරිනි මේනකා හේරත් මහත්මිය මෙහිදී ප්‍රධාන වශයෙන් අදහස් දැක්වූ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි සංසදයේ සභාපති ඇලන් සිබිනාලේ, ෆෝකුස් නේවාසික අධ්‍යක්ෂ ශාමිලා ගෝමස්, ඔක්ස්ෆෑම් ඔස්ට්‍රේලියාහි ප්‍රතිපත්ති සහ උපදේශනය පිළිබඳ කළමනාකාරිණී සයිරිනි සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පුද්ගලික අංශයේ මෙන් ම වතු ක්ෂේත්‍රයේ නියෝජිතවරු මෙම අවස්ථාවට සහභාගී වී අදහස් යෝජනා හුවමාරු කර ගත්හ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya