මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාලාව පිපිරුමෙන් හානියට පත්වූවන්ට සියයට 90ක් වන්දි ගෙවා අවසන්

    ජනවාරි 13, 2017

    සාලාව බෝම්බ පිපිරීමෙන් හානියට පත් දේපළ වෙනුවෙන් ලබාදීමට නියමිත වන්දිවලින් සියයට 90%ක්ම මේ වනවිට ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මියනවල මහතා ප්‍රකාශ කරයි.

    ලේකම්වරයා අද (13) මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් හානියට පත්වූවන්ට දෙසැම්බර් 31ක වන විට සියයට 90%ක් වන්දි ගෙවා අවසන් කළ බවත් ඒ සඳහා රජය රුපියල් මිලියන 1041ක් ලබා දුන් බවත් පැවසී ය.

    ඉතිරි සියයට 10%ක ප්‍රමාණය ඉදිරි මාස දෙක ඇතුළත ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බවත් හානියට පත් ඇතැම් පාර්ශව විසින් සිදු කළ තක්සේරු පිළි නොගැනීම නිසා නැවත තක්සේරු කිරීමට සිඩු වූ බැවින්  ඉතිරි කොටසේ ගෙවීම් පිළිබඳව ප්‍රමාදයක් සිදුව තිබූ බවද ලේකම්වරය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya