අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමාන රජයේ දේශපාලන පළිගැනීම් නැහැ- ඇමැති අකිල විරාජ්

    ජූලි 27, 2016

    වර්තමාන රජය අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අති විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් මෙසේ වෙන් කළ මුදල වංචා දූෂණයෙන් තොරව  අරපරිස්සමින් ජනතාව වෙත සෘජුවම ගලා යාමට ඉඩ සලස්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


    එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා මාවතගම ප්‍රදේශයේ දී පැවති එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ආසියාවේ සිටින පරිණතම දේශපාලන නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් විශාල ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් රටට ලබාගැනීමට  හැකි වි ඇති බවත් 1977 දී එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කළ පෙරළියට වඩා පෙරළියක් ඉදිරියෙදී ආරම්භ කරන  බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    එසේම දේශපාලන පළිගැනීම් කිරීමට කිසිදු අදහසක් වර්තමාන රජයට නැති බවත් වංචා දූෂණ සම්බන්ධව ස්වාධීනව කටයුතු කිරීමට අධිකරණයට අවස්ථාව උදාකර දී ඇති බවත් කියා සිටියේය.

    ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරමින් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන බව පැවසූ ඇමතිවරයා පසුගිය වසර විස්සක් පුරා විවිධාකාරයේ අපහසුතා මධ්‍යයේ සිටි එක්සත් ජාතික පක්ෂය අද වඩා යහපත් තැනකට පැමිණ සිටින බවත් ඉදිරියේදී තවදුරටත් ඉදිරියට ගොස් ශක්තිමත් රජයක් බිහිකිරීම සඳහා සියලු පාක්ෂිකයින්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya