මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට විරුද්ධව ගෙන යන ක්‍රියාමාර්ග ජනපති ප්‍රතික්ෂේප කළා- ඇමැති මහින්ද සමරසිංහ

    ජූලි 26, 2016

    රජයේ ප්‍රධානියා ලෙස රජයට විරුද්ධව ගෙන යන ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ වී තිබුණු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

    ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කරන විට ඒ  පිළිබඳ පුවත්පත් කර්තෘවරුන්ට එම පුවත සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සිදු කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජයට විරුද්ධව සංවිධානය කරන පාද යාත්‍රා හෙළා දකින බව ද සඳහන් කළේය.

    පසුගිය රජයට වඩා වර්තමාන රජයට විශාල වශයෙන් ජාත්‍යන්තර සහයෝගයක් ලබා දී තිබෙන බවත් ලෝක ආර්ථිකයේ පසුබෑමක් සිදු වුවද මෙරට ආර්ථිකය ශක්තිමත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya