මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 ඔලිම්පික් කණ්ඩායම ශක්තිමත්ව ගොඩනඟන වැඩපිළිවෙලක්- විවිධ ක්‍රීඩාවන්ට දක්ෂ දරුවන් 50,000ක් තෝරාගන්නවා

    ජූලි 21, 2016

    වසර 2024 ඔලිම්පික් කණ්ඩායම දැන්ම සිට ශක්තිමත්ව ගොඩනඟන අඛණ්ඩ වැඩපිළිවෙලකට යෑමට හැකි බවත් ඒ සඳහා විවිධ ක්‍රීඩාවන්ට දක්ෂ දරුවන් 50,000ක් තෝරාගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව  ක්‍රීඩා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

    රටේ ක්‍රීඩාව නංවන ක්‍රීඩා පනත යටතේ නියෝග ඊයේ (20) පාර්ලිමේන්තුවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් විවාදයට ඉදිරිපත් කළේ ය.

    ක්‍රීඩා පානත සම්මත කරගැනීමට ඉක්මනින් කටයුතු කරනවා. එය තිබෙන්නේ නීතිපති දෙපාර්මේන්තුවෙයි.නීති කෙටුම්පත් සකස් කරගෙන තිබෙනවා.ක්‍රීඩා සංගම්වලට , ක්‍රීඩා ව්‍යාපෘති ගැන ලබන වසරට මේ වසරේ බජට් එකක් දෙන්න කිව්වා.  දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා, සාකච්ඡා කරලා, පාසල් මට්ටම හා ඉහළ ළමයි බලාගන්න කොහොමද කියලා,  වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙල තමයි, අපි 2017 අයවැයට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ඔවුන්ට දිස්ත්‍රික් සංචිත ලෙස කටයුතු කිරීමට අවස්ථාව සළසා දෙන්නේ.

    අපේ දරුවෝ 3,75,000ක් පරීක්ෂණයට භාජනය කරලා,ඒ පරීක්ෂණයෙන් විවිධ ක්‍රීඩාවන්ට දක්ෂ දරුවන් 50,000ක් තෝරාගන්නවා. මේ පිරිස කලාප මට්ටමින්,සංචිත ගතකර ඔවුන්ට අපේ ක්‍රීඩා ශක්ති වැඩසටහනෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා 2024 ඔලිම්පික් යන තුරු මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට. ඒ අනුව අඛණ්ඩ වැඩපිළිවෙලක් අපට තිබෙනවා. මේ පිරිස ශක්තිමත්ව ගොඩනැගුව හොත් අපිට පුළුවන් 2024 වනවිට ඔලිම්පික් කණ්ඩායම දැන්ම සිට ශක්තිමත්ව ගොඩනඟන වැඩපිළිවෙලකට යෑමට හැකිවෙනවා.

    මිලියන 500ක වැඩකටයුතු කර තිබෙනවා. ඉතුරු 500ත් ලබාදෙන්න එකඟතාවය පළ කර තිබෙනවා. සෑම ප්‍රදේශයකටම කටයුතු කරනවා. හදපු බාගෙට තියෙන ක්‍රීඩාංගන මම විවෘත්ත කරන්නේ නෑ. දිගන ක්‍රීඩාංගනය හදන්න බැරි වුණා. මඩකලපුව ක්‍රීඩාංගනයත් නිම කරනවා. ක්‍රීඩාව නව තෝතැන්නකට ගෙනයන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා ක්‍රීඩා සංගම් ලබාදෙන සහයෝගය අගය කරනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya