මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර

    ජූලි 20, 2016
    කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමේ  පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරයට සමගාමීව ලබන මස 10 වැනිදා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වර්ග මීටර 5400 ක ප්‍රමාණයකින් යුක්ත එම ගුදම, අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කර ඉදිකෙරේ.
    “වරාය අතුළත දේශීය අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් කිරීමටත්, විවිධ රටවලින් ආනයන කර නැවත වරක් වෙනත් රටවලට අපනයනය කරන ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් කිරීම සඳහාත් වූ පහසුකම් තව තවත් පුළුල් කිරීමට මෙම බහලු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් බලාපොරොත්තු  වෙයි.
     
    මෙම බහළු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මේ වනවිටත් සිදුවෙමින් පවතියි. එමගින් වරාය අධිකාරියට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අපි අපේක්ෂා කරනවා...” යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් අධ්‍යක්ෂ උපාලි ද සොයිසා මහතා පැවසීය.
     
    2013 වසරේ මැයි මාසයේදී ගින්නක් හේතුවෙන් වරාය අධිකාරියෙහි බහළු මෙහෙයුම් කළ ප්‍රධානතම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් විනාශයට පත්විය. ඉන්පසුව බහලු මෙහෙයුම් ගබඩා කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුවිය. මෙම ගැටලුවලට පිළියමක් ලෙස ගුදම් පහසුකම් පුළුල් කිරීමේ නව ව්‍යාපෘතිය ආරම්භ වූයේ වත්මන් සභාපති දම්මික රණතුංග මහතාගේ මඟපෙන්වීම යටතේය. මෙම ගුදම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොන්ත්‍රාත් හා සැලසුම් අංශය විසින් සිදුකිරීම විශේෂත්වය වේ. එයින්ද තම අධිකාරියට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාස 25 ක් පවතී. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැහැදිලිවම උපදෙස් දී ඇත්තේ එම කොට්ඨාසවල පූර්ණ ශක්තිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උන්නතිය උදෙසා යොදාගන්නා ලෙසයි.   එම පදනම යටතේ විවිධ ඉදිකිරීම් සහ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු පිටතට නොදී එම කොට්ඨාස මගින් සිදුකළ යුතු  බවද වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ දැක්ම වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවශ්‍ය ගෘහ භාණ්ඩ නිපදවීම, ගුදම් ඉදිකිරීම සහ එදිනෙදා නඩත්තු කටයුතු මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්ම සිදු කරයි. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya