අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුනි මාසයේ උද්ධමනය ගණනය කරයි

    ජූලි 22, 2016

    ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙම වර්ෂයේ ජුනි මාසය සඳහා වාර්ෂික උද්ධමනය 6.4% ලෙස ගණනය කොට ඇති ‍බව ප්‍රකාශ ක‍ළේය.

     උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 3.4% ක හා ආහාර නොවන කාණ්ඩයේ 3.1%  ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. මේ සඳහා 2% ක සැළකියයුතු දායකත්වයක් ආහාර කාණ්ඩයේ එළවළු සහ අමු මිරිස්වලින් ලැබී ඇත.

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 ජුනි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 116.1 ලෙස ගණනය කර ඇත. ජුනි මාසයේ දර්ශකය මැයි මාස‍යේ දර්ශකය (113.7) හා  සංසන්දනය කල විට 2.4ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 2.1ක වැඩිවීමක් වාර්තා වේ.

     

    මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 2.1% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.1% කින් වැඩිවීම බලපා ඇත. ආහාර කාණ්ඩයේ මාසික වැඩිවීම සඳහා එළවළු සහ අමු මිරිස්වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

     

    2016 මැයි මාසය හා සසඳන කළ 2016 ජුනි මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 2.1%ක වැඩිවීමක් දක්නට ඇත.

     

     මෙම වැඩිවීම සඳහා එළවළු, අමු මිරිස්, සහල්, අලුත් මාළු, සීනි, අර්තාපල්, රතුළූණු, මයිසූර් පරිප්පු, පොල්තෙල්, කරවල සහ සුදුළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේ වුවත් දෙහි, පොල්, සියඹලා සහ බිත්තර යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

     


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නවතම පාරිභෝගික මිල දර්ශකය වන ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) 2015 ඔක්තෝම්බර් මස සිට අදාළ ලිත් මාසය අවසන් වී 21 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya