මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට Featured

    ඔක්තෝබර් 12, 2015
    2015 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා  පැවසීය.
     
    විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 2517ක් මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා සිටිති.
     
    මධ්‍යස්ථාන 287කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ. නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණ ලබන 16 වැනි දින සිට ආරම්භ වේ.
     
    සිංහල මාධ්‍ය විෂයයන් යටතේ  නර්තනය, පෙරදිග සංගීතය, නාට්‍ය හා රංග කලාව, ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ.
     
    එසේම දෙමළ මාධ්‍යය යටතේ ගෘහ ආර්ථික විද්‍යාව, භරත නැටුම්, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කාලාව (දෙමළ), නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි), බටහිර සංගීතය යනාදී විෂයයන් වේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya