මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිවීමෙන් සහ පැවසීමෙන් දරුවන්ගේ ආවේගවලින් 60% පාලනය කරයි Featured

    ඔක්තෝබර් 12, 2015


    තම හැගීම් සහ තමන් ලබන අත්දැකීම් අන් අය සමග පැවසීමට සහ ලිවීමට උත්සාහ දරන්නේ නම් ළමයාට පැමිණෙන නොහික්මුනු ආවේග වලින් සියයට 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් ඉවත් කළ හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජේ.එම්. නිලාම් මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍ය නිලාම් මහතා මෙම අදහස් පළ කළේ ළමා දිනය මුල් කොට ගෙන ඊයේ (8) මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවනාගාරයේ පැවති සාර්ථක ජීවිතයක් සහ තැලසීමි‍යාවෙන් තොර ලංකාවක් යන වැඩසටහනේ විශේෂ දේශනය සිදු කරමිනි.


    වත්මන් ළමා සහ යොවුන් පරපුර දැඩි අවේගශීලී ලෙස කටයුතු කිරීම පිළිබද විවිධ මත පළ වුවත් එය ළමා පරපුරේ වරදක්ම පමණක් නොවන බව පැවසූ වෛද්‍ය නිලාම් මහතා වත්මන් සමාජ වටපිටාවද ඊට බලපානු ලබන බව පැහැදිලි කරන ලදී. විශේෂයෙන් දරුවන්ට සමාජයේ විවිධ මාර්ග ඔස්සේ ලැබෙන පණිවිඩ නිසා ඔවුන්ගෙන් වැඩි පිරිසක් නොහික්මුණු ආවේග ඇති පිරිසක් බවට පත්විය හැකි බව පැවසූ නිලාම් මහතා එහිදී  මාධ්‍ය ඉතා ප්‍රබල බවද පෙන්වා දෙන ලදී. එලෙස ඇති වන ආවේග ඉවත් කළ හැකි හොදම ක්‍රමය වන්නේ ළමයින්ට ඇති වන එම ආවේග වෙනත් අය සමග පැවසීම බව පෙන්වා දුන් නිලාම් මහතා ඒවා සවන්දීමට වැඩිහිටියන්ද සුදානම් විය යුතු බව පැවසීය. එසේ නොවුනු විට ජීවිත අත්දැකීම් නොමැති නොගැලපෙන පුද්ගලයන් වෙත ඒවා පැවසීමට යාමෙන් අත්වන්නේ භයානක තත්වයක් විය හැකි බවද පෙන්වා දෙන ලදී.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නිලාම් මහතා පැවසීම සහ ලිවීම යන කරුණු වලට අමතරව ක්‍රීඩා සදහා යොමු කිරීමෙන්ද දරුවාගේ නොහික්මුණු ආවේග පාලනය කළ හැකි බව පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම වේගයෙන් කරන ක්‍රීඩා තුළින් දරුවන් තුළ ඇතිවන කේන්තියත්, අඩු වේගයෙන් කෙරෙන ක්‍රීඩා තුළින් හිතේ හට ගන්නා දුකත් පාලනය කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ තුළින් පෙන්වාදී ඇති බවද ‍පැවසීය. මීට අමතරව සුදුසු පරිදි අවට පරිසරය සකසා ගැනීමට හෝ අනුවර්තනය වීමට හුරු කිරීමෙන්ද ආවේග පාලනය කර ගැනීමට විශාල දායකත්වයක් සපයන බව පැවසීය. එම නිසා දරුවන් සහ දෙමාපියන් මේ ගැන හොදින් සිතා කටයුතු කළහොත් යහපත් දරු පරපුරක් සහ සමාජයක් නිර්මාණය කළ හැකි බව පෙන්වා දෙන ලදී. 

    මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් රැසක දරු දැරියන් සහ ගුරුභවතුන් සහභාගී වූ අතර, තැලසීමියා‍ රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම ගැන කුරුණැගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ උපදේශක අසංක සම්පත් මහතා විසින් දේශනයක් ද පවත්වන ලදී.

     

    DMU_ Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya