අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ලෝක බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ණ සහය Featured

    ඔක්තෝබර් 10, 2015
    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය පළ කරන බව ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කරති. 
     
    පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ඊයේ (09) ආරම්භ වූ ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට පෙර එම ආයතන ප්‍රධානීන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර පැවැති මූලික වටයේ සාකච්ඡාවල දී මෙම තොරතුරු අනාවරණ විය. 
     
    ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මූල්‍ය ආධාර ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ද ලෝක බැංකු නියෝජිතයෝ ප්‍රකාශ කළහ. 
     
    ලෝක බැංකුව දැනට වාර්ෂිකව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබා දෙන මූල්‍යාධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වෙයි.
     
    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමට අපේක්ෂා කරන බවය. ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශ්වාසය ශක්තිමත් වී ඇති බවත්, එය යහපත් ප්‍රවණතාවක් බවත් එම ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ. 
     
    රටවල් 188 මුදල් අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව හෙට (11) දා දක්වා පැවැත්වෙයි. මෙම සමුළුවේ දී ගෝලීය වශයෙන්, ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් ව සාකච්ඡා කෙරෙනු ඇත. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික තත්ත්වයන් මෙහි දී විශේෂ අවධානයට ගැනේ. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රමෝපායන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂය. 
     
    මුදල් අමත්‍ය රවී කරුණානායක මහතාට අමතරව අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද සමුළුවට එක්ව සිටිති. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya