මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියකාවා යුද අභ්‍යාසය අද සිට

    සැප්තැම්බර් 03, 2015
    විශේෂ මෙහෙයුම් පරිසරයක් තුළ විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස උපයෝගී කර ගෙන වාර්ෂික පවත්වනු ලබන දියකාවා යුද අභ්‍යාසය අද (03) දිනෙන් ආරම්භ වේ.
    මෙම යුද අභ්‍යාසය අද සිට ලබන 23දා  දක්වා පැවත්වේ.
     
    මෙම අභ්‍යාසය නැගෙනහිර ආරක්ෂක හමුදා ප්‍රදේශයේ දකුණු පුල්මුඩේ සහ උතුරු ආරුගම්බේ ප්‍රදේශයන් ආවරණය කරමින් සිදු කිරීමට නියමිතය.
     
    විවිධ අවස්ථාවලදී ඇතිවන තත්ත්වයන් තුළ දී විශේෂ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ එම හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමට ආර්ධ සම්ප්‍රදායික මෙහෙයුම් සඳහා විශේෂ මෙහෙයුම් හමුදා ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වේ.
     
    මෙවර දියකාවා යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කමාන්ඩෝ සහ විශේෂ බලකා සහ පාබල 
    සෙබලුන් 2500 දෙනෙක්, නාවික හමුදා සෙබලුන් 254ක් සහ 140 දෙනෙකු සහභාගිවීමට නියමිතය.
     
    බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, පකිස්තානය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරමින් හමුදා සමාජිකයන් මෙම පුහුණු අභ්‍යාසයට එක්වීමට නියමිතය.
     
    ගිය වසරේ රටවල් 6ක් සහභාගි වූ අතර මෙම වසරේ එය රටවල් 8ක් දක්වා වැඩි වී තිබේ. මෙරට යුද පුහුණු අභ්‍යාසය සම්බන්ධයෙන් විදේශී හමුදා උනන්දුවෙන් කටයුතු කෙරේ.
     
    2010 වර්ෂයේ ආරම්භ වූ මෙම දියකාවා යුද අභ්‍යාසය විශාලත ම බහුවිධ යුද අභ්‍යාසයක් ලෙස වාර්ෂිකව අඛණ්ඩ ව පවත්වාගෙන යනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya