මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදාපති හමුවෙයි

    සැප්තැම්බර් 03, 2015
    ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලබන මාණ්ඩලික මට්ටමේ සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරන රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා ඊයේ (02) නාවික හමුදා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
    දෙදෙනා අතර සුහද හමුවේ දී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරුණු සාකච්ජා කළ අතර, දෙරටෙහි නාවික හමුදා අතර පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම, පස්වන වරට පවත්වනු ලබන මාණ්ඩලික සාකච්ජාවල ප්‍රගතිය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී. 
     
    මෙම හමුව සනිටුහන් කරමින් සහ දෙරටෙහි නාවික හමුදා අතර සුහදත්වය සංකේතවත් කරමින් රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා සහ නාවික හමුදාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
     
    DB/ NAVY.LK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya