මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කළ අභයගිරි දාගැබ විවෘත කිරීම ජූලි අවසානයේ දී

    ජූලි 05, 2015

    ලෝකයේ පවතින විශාලතම දාගැබක් වන අභයගිරි ස්ථුපය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස අවසානයේ දී සිදු කිරීමට නියමිතය.

     

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා විසින් මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර කච්චේරියේ දී පැවති රැස්වීමකදීය. එහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අයුරින් තෙදින පිරිත් සඤ්ඤායනාවක් අභයගිරි ස්ථූප පරිශ්‍රයේ දී ජූලි 28 වෙනිදා ඇරඹේ.

     

    මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අවසන් කිරීමට රුපියල් මිලියන 5,000ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ලබා දී ඇත. ස්ථූපයේ පහල මළුවේ දිග අඩි 1,100 අතර උස අඩි 247 කි.
     


    1997 දී අභයගිරි සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භයේ සිට මිලියන දෙකකට වැඩි බැතිමතුන් සංරක්ෂණ කටයුතු සඳහා ආධාර ලබා දී ඇත.
     


    අභයගිරි ස්ථූපය, පුරාණ අනුරාධපුර උතුරු කොටසේ හෙක්ටයාර් 235ක ඉඩමක විරාජමානව වැඩ සිටියි. අභයගිරි ස්ථූපය, වෙත්තගාමිණී අභය ලෙස නම් ලද වළගම්බා රජු විසින් ක්‍රි.පූ. 89-77 අතර, ඔහුගේ දෙවන පාලන කාලය කාලය තුළදී ස්ථාපිත කරන ලදී. මෙම ස්ථූපය බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල් ස්පර්ශ වූ ස්ථානයක ගොඩනඟා ඇතැයි පැවසෙන අතර එය අනුරාධපුර වන්දනාමාන කරන අටමස්ථානවලින් එකක් ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya