අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

    ජූලි 03, 2015
    මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (02) විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙවර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කලක් එම විද්‍යාලයේ අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ඉහළම දක්ෂතාවයන් දැක්වූ හා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහභාගී විය.
     
    ප්‍රධාන අමුත්තා විසින් ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පිරිනමන ලද උත්තමාචාර පෙළපාලිය පිළිගන්නා ලද අතර පසුව විද්‍යාල භූමියේ ඇති රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක ලේකම්තුමා ඇතුළු පිරිස විසින් යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා පුෂ්පෝහාර දක්වන ලදී.
     
    මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා විදුහල්පතිතුමා විසින් ආරක්‍ෂක ලේකම්තුමා වෙත විද්‍යාලය වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබිය.
     
    මෙම අවස්ථාව සඳහා මහා සංඝ රත්නය ඇතුළු සම්භාවණීය අමුත්තන්, අවට පාසැල්වල විදුල්පතිවරු, ගුරුවරු, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya