මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කරයි - අධිකරණ ඇමැති

    අප්‍රේල් 26, 2015
    වර්තමානය වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ආසියාවේ නවීන තාක්ෂණ හා විද්‍යාත්මක පහසුකම්වලින් යුතු ISO 17025 ප්‍රමිතිය මත ගොඩනැඟි තිබීම නිසා අද උසාවිවල නඩු කටයුතු සඳහා අවශ්‍ය රස පරීක්ෂක වාර්තා කඩිනමින් හා කාර්යක්ෂමව ලබාදීමට හැකියාව ලැබී තිබීම අධිකරණ කටයුතු කාර්යක්ෂම වීමට බලපා ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
     
    ඒ මහතා එම අදහස් පළ කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ISO 17025 ජ්‍යාතන්තර ප්‍රමිතිය යටතේ එහි කටයුතු කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් විද්‍යාගාර සමායෝජන මෘදුකාංග හඳුන්වාදීම විද්‍යාගාර ප්‍රතීතකරණය හා අධිකරණ ධූලක විද්‍යා පරීක්ෂණ මාර්ගෝපදේශන සංග්‍රහය එළිදැක්වීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සව අවස්ථාවේදීය. 
     
    එදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට තිබු නඩු වාර්තා කල්ගැනීමේ චෝදනාවෙන් අද නිදහස් වෙලා තිබීම නඩු කටයුතු කාර්යක්ෂම කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක් බවත් පසුගිය කාල පරිච්ඡේදයේදී අධිකරණ කටයුතුවලදි නඩු ප්‍රමාද වීමට බලපා තිබු ගැටලු අතර ප්‍රධානම ගැටලුවක් බවට පත්වී තිබුණේ රජයේ රස පරීක්ෂණ වාර්තා නිසි වේලාවට අධිකරණ කටයුතු සඳහා ලබා දිමට නොහැකි වීම බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    මහජනතාවට වඩාත් පහසුවෙන් අධිකරණ කටයුතුවලට සහභාගී වීමට හැකි පහසුකම් වලින් යුත් ගොඩනැගිලි පද්ධතියක් මේ වන විට ලබාදී තිබෙන අතර  මානව සම්පත් සංවර්ධනය කරමින් අවශ්‍ය නිලධාරීන් සේවකයින් අධිකරණ කාර්යාලවලට ලබාදීම ප්‍රධාන වශයෙන් සිදු කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පොලිසිය, රස පරීක්ෂක වාර්තා ඇතුළු අධිකරණ කටයුතු වලට සහය වන අංශ කාර්යක්ෂම කිරීම ඒ කටයුතු ද ඉතාම හොඳින් සැලසුම් කර තිබීම වන අතර මහජනතාවට අධිකරණ පද්ධතියේ විශ්වාසය හා ගෞරවය ඉතා ඉහළින් ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිපත්ති සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලනීද සිල්වා  රජයේ ප්‍රධාන රස පරීක්ෂක දමයන්ති තෙන්නකෝන්, අතිරේක රසපරීක්ෂක නිමල් බටකන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.      
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya