මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලට ශ්‍රී ලංකා රජයේ සහාය සහ සොව පල කරයි

    අප්‍රේල් 26, 2015
    අද (26) උදෑසන නේපාල ජනාධිපති රාම් බැරන් යදව් (Ram BaranYadav) මහතා සමඟ විශේෂ දූරකතන සාකච්ඡාවක් පැවැත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ සහ ලාංකේය ජනතාවගේ සහය සහ ශෝකය නේපාලය වෙත පළ කළේ ය.
     
    මේ අවාසනාවන්ත අවස්ථාවේ ශ්‍රී  ලංකාව නේපාලය සමඟ එක්ව සිටින බව ද, හැකි සෑම සහයෝගයක් ම නේපාලය වෙත ලබා දෙන බව ද, වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ ය.
     
    ඊයේ (25) නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාල  (SushilKoirala) මහතා සමඟ ද, වික්‍රමසිංහ මහතා දූරකතනයෙන් සාකච්ඡා කළේ ය.
     
    නේපාලනයට වැඩි වැඩියෙන් වෛද්‍ය  අංශයේ සහන සේවාවන් අවශ්‍ය වී ඇති බැවින්, වෛද්‍යවරුන් හා හෙද හෙදියන්ගේ සේවය ලබා ගැනීමට සිදු වී ඇත. මේ නිසා සහන සේවාවන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සහයකයන් වෙතොත්, දූරකතන අංක 071 – 2492884 මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් රුවන් ගුණවර්ධන මහතා ඇමතීමෙන් ඒ සත්කාර්යයන්ට දායක වීමට හැකි ය.
     
    නේපාලයේ වෛද්‍ය  අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය ශිස්‍ය ශිෂ්‍යාවන් ගෙන් ද අගමැති වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ ලාංකේය වෛද්‍ය කණ්ඩායම් සමඟ එක්වී සහන සේවා කටයුතු සඳහා සම්බන්ධවන ලෙස ය. ඒ පිළිබඳ වැඩි විස්තර නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ලබා ගත හැකි ය.
     
    kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya