අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන් භාණ්ඩ අධික පොලිය හා දඩ මුදල් 5652කගේ ඉවතට

    අප්‍රේල් 24, 2015

    දින 100 යටතේ උපරීම රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකට උකස් කර ඇති රන් භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය හා දඩ මුදල් කපා හැරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවත් එහිදී මේ වන විට පුද්ගලයින් 5652 දෙනෙකුට සහන හිමි වී තිබෙන බවත් ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා මහතා පැවසීය.

    ඒ සඳහා අදාළ චක්‍ර ලේඛය ද මේ වන විට නිකුත් කර තිබෙන බවත් එවැනි සහන ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරය වෙත දැනුම් දිය හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙවැනි වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දත්ත රැස් කිරීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන මහතා සඳහන් කළේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya