අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තර්ජනී ශිවලිංගම් දැල් පන්දු පිටියට සමුදෙයි

    අගෝස්තු 10, 2023
    මෙරටින් බිහි වූ විශිෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාවක් වන තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර  තිබේ.

    තම නිල ෆේස්බුක් පිටුව හා ඉන්සටග්‍රෑම් ගිණුම මගින් නිවේදනයක් සිදු කරමින් තර්ජනී මේ පිළිබඳව දැනුම් දී තිබේ.

    වසර ගණනාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කළ ඇය,  ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර දැල් පන්දු තරග 100කට සහභාගී වූ පළමු ක්‍රීඩිකාවද  වෙයි..

    පසුගියදා කේප් ටවුන් හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය පසු තර්ජනී ශිවලිංගම් මෙම තීරණය ගෙන තිබෙනවා.මෙවර තරගාවලියට සහභාගී වූ සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි 16 වැනි ස්ථානය හිමි කර ගත්තේ ය.

    2009 වසරේදී ජාතික දැල්පන්දු කණ්ඩායමට තේරී පත්වූ තර්ජනී ශිවලිංගම් අවස්ථා රැසකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් සැපයූ ක්‍රීඩිකාවක් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya