අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා පිල මේ මස අගදී එංගලන්තයට

    අගෝස්තු 10, 2023

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.

    තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියක් මෙම තරග සංචාරයට ඇතුළත් වේ. තරගාවලිය අගෝස්තු 31 වැනිදා පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වේ. එම තරගාවලියේ පළමු තරගය හෝව්හිදිදී දෙවැනින සැප්තැම්බර් 02 වැනිදා චෙල්ම්ස්ෆෝර්ඩ් හිදීද තෙවැනි 06 වැනිදා ඩර්බිහිදීද පැවැත්වේ.

    එම තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලීය සැප්තැම්බර් මස 09 වැනිදා ඩර්හැම් හිදී ආරම්භ වේ. දෙැවනි තරගය සැප්තැම්බර් මස 12 වැනිදා නොදර්ම්ටන්හිදීද තෙවැන්න ලෙස්ටර් හිදීද පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි. ඉකුත්දා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත්වීමත් සමඟ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් උදාවී තිබේ.

    2025 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මෙම කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරක රට වන ඉන්දියාවට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් 5 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවනු ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya