අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙස්ට් ක්‍රිකට් ගැන වනිඳුගෙන් තීරණයක්

    අගෝස්තු 16, 2023
    වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි



    වනිඳු විසින් ලිපියක් මඟින් මේ බව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවයි එහි වැඩිදුරටත් සඳහන්  කරයි

    ඔහුගේ එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිළිගන්නා බවත් සීමිත පන්දුවාර තරග සඳහා වනිඳුගේ සහභාගීත්වය ඉතා වැදගත් වනු ඇති බව ද ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා එම නිවේදනය මගින් වැඩිදුරටත්  පවසයි.

    තවමත් 26 වැනි වියේ පසුවන වනිඳු හසරංග මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 4කට සහභාගී වෙමින් ඉනිම 7කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත්ව තිබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya