අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම දිනයි

    අගෝස්තු 17, 2023

    2023 අගෝස්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති, දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරඟයෙන් නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

    මෙම තරඟාවලිය සඳහා හෑන්ඩ්බෝල් කණ්ඩායම් 21 ක් සහභාගී වූ අතර, යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් ලකුණු 31-36 ලෙස යුද හමුදා කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර, නාවික හමුදා කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

    එමෙන්ම, මෙම තරඟාවලියේ දක්ෂතම ප්‍රහාරකයාට හිමි කුසලානය නාවික හමුදා ක්‍රීඩක නායක නැවි කේඑම්ආර්එස්එස් බංඩාර විසින් දිනා ගත් අතර, දක්ෂතම වළක්වන්නාට හිමි කුසලානය නායක ශාරිරික අභ්‍යාසක ඩබ්එච්පී ද සිල්වා විසින් දිනා ගන්නා ලදි.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya