මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව ටී-10 තරගාවලිය දෙසැම්බර් මස දී

    ජූලි 12, 2023

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබූණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනවලට අනුව ටී-10 තරගාවලිය පැවැත්වීමට යෝග්‍යම කාල වකවානුව වන්නේ දෙසැම්බර් මස බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ. මෙම අභිනව ටී-10 තරගාවලිය ශ්‍රී ලංකාවේ වාර්ෂික දින දර්ශනයට එකතු වන නවතම තරගාවලිය වන්නේය.

    ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හොදම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ටී-10 තරගාවලිය හරහාද තරුණ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගැනීම සදහා මාවත විවර කර දෙනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම හරහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවීම හැරුණු කොට ඔවුන් සමඟ කරට කර තරග වැද, එම ක්‍රීඩකයින්ගේ අත්දැකීම් බෙදා ගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, “මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක තරගාවලියක් බවට පත්වනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම මේ හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනයේ ප්‍රවණතාවක් ඇතිවෙනවා” යනුවෙනි.

    මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි පිරිමි කන්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් තරග වැදීමට නියමීතය. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත හැක.

    මෙම තරගාවලියේ හිමිකම් සහකරු ලෙස TTen Sports Management සහ TTen Global Sports ආයතනය කටයුතු කරන අතර අයි.පී.ජී. ආයතනය තරගාවලිය තරගාවලියේ සංවිධානය කටයුතු සිදුකිරීම සදහා සහයෝගය ලබා දෙනු ඇත.

    “ටී-10 ක්‍රීඩාවේ උද්‍යෝගිමත් සන්නාමය ශ්‍රී ලංකාවට රැගෙන ඒම ගැන අපි සතුටට පත් වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වයක් ඇති රටක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය ඇතිව මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබෙයි” යැයි ලෙස TTen Sports Management සහ TTen Global Sports ආයතනයෙවල සභාපතිවරයා ලෙස කටයුතු කරන ශාජි උල් මල්ක් මහතා සඳහන් කර සිටියි.

    මෙම තරගාවලියේ සියළුම තරග ශ්‍රී ලංකාව සතු දිවා රාත්‍රී පහසුකම් සහිත ක්‍රීඩාංගණ වල විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya