මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය ක්‍රීඩා සමාජය රාජ්‍ය සේවා කැරම් තරඟාවලියේ A හා C කාණ්ඩවල ශූරයන් වෙයි

    ජූලි 12, 2023

    2023 රාජ්‍ය සේවා කැරම් තරඟාවලියේ A කාණ්ඩයේ සහ C කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය පසුගිය දා සමත්විය.

    A කාණ්ඩයේ අවසන් තරඟයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම ද C කාණ්ඩයේ අවසන් තරගයේදී මොරටුව විශ්ව විද්‍යාලීය කණ්ඩායම ද පරාජය කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින් ශූරතාව දිනා ගන්නා ලදී.

    මෙහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් A කාණ්ඩයේ තරග සදහා සුජීව ලසන්ත ( නායක), රසික රාජපක්ෂ, ගයාන් පෙරේරා, ප්‍රියන්ත ධර්මසේන සහ සංජය ප්‍රනාන්දු ද C කාණ්ඩයේ තරග සදහා තරිදු පෙරේා (නායක), බවන්ත ශාමික, ප්‍රදීප් පුෂ්පකුමාර, ආර්.එම් රත්නායක සහ චතුෂ්ක මධුසංක ද සහභාගී වූහ.

    ශූරතාව දිනාගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජයට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සුබ පැතුම් එක් කිරීම ද සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya