අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කණ්ඩායම කලින්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගනියි

    ජූලි 04, 2023

    සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී (02) පැවැති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මසදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

    සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේදී ශ්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තවත් එක් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණත් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 08ක් සහ 1.817 ක ශුද්ධ දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත්වීම නිසා වේලාසනම ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් බවට පත්ව සිටියි.

    ඊයේ තරඟය වනතෙක් අපරාජිතව සිටි සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කර එම ජයග්‍රහණය සමගින් 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය ද තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්වූහ.

    ශ්‍රී ලංකාව සුපිරි 6 වටය යටතේ සහභාගීවන අවසන් තරඟය ලබන 7 වෙනිදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya