අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ලකුණු 175 ක විශිෂ්ඨ ජයක්

    ජූනි 20, 2023

    ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගයෙන් ලකුණු 175 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(19) සමත් වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

    පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, සධීර සමරවික්‍රම ලකුණු 73 ක්, පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් Ali Naseer කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කයක් හඹා යමින් සිටි එක්සත් අරාබි එමිර් කණ්ඩායමට පන්දුවාර 39 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. එක්දින තරග දිවියේ මංගල කඩුලු 5 ද සමඟින් කඩුලු 50 සීමාවද ඉක්මවා ගිය වනිඳු හසරංග එය සමරනු ලැබුවේ තරගයේ වීරයා සම්මානයට හිමිකම් කියමිනි.

    පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 6 ක්, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වදිනු ලබන දෙවැනි තරගය ලබන 23 වැනිදා ඔ්මානයට එරෙහිව වන අතර එම තරගයද බුලවායෝහිදී පැවැත්වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya